Back to Top

Tele. no :-  +94 77 34 9191 6

Siriwansa.Com

headerrss headerfacebook headerlinkedin headertwitter

Author Archives: adminwev

Digital යුගයේ අපේ හෙට දවස??

සියලු දෑ වලට සම්බන්දිත වීමට අවශ්‍යව ඇත(Internet of things). සියලු අයටද සම්බන්දිත විමට අවශ්‍යව තිබේ(Social Network). කඩදාසි භාවිතයෙන් තොර සමාජයයක්( paperless society) එක් දෙසකින් නිර්මානය වෙද්දී තම සියලු කාර්යාලී කටයුතු පරිගණකයකට සීමා කර ගන්නට හැකි භාවිතාවක් අප අභියසට පැමින ඇත. පැමිනෙන ඩිජිටල් කරනය අයෙකුට භීතිය කැදවමින්ද සිටී. රියදුරන් රහිත වාහන ඇති මාවතක , ශ්‍රමිකයන් අවමවන කර්මාන්තශාලා පරිසරයක කොටින්ම බොහෝ යාන්ත්‍රික කාරනා ඩිජිටල් බව භාරගන්නට සූදානම් වන පරිසරයක කෙසේ සතු‍ටු වන්නටදැයි ඔවුන් විමසති.
හදාරන්නන් යෝජනා කර සිටින්නේ මිනිසුන්ට යලිත් වඩ වඩාත් නිර්මානශීලී වන්නට අවකාශ පැමිනෙමින් ඇති බවයි. මිනිස් ඉතිහාස කථාන්දරයේ අස්ථාවර ආහාර හා ආරක්ශාව ගැටලුව විසදා ගනිමින් සංස්කෘතිකයක් ඇරබූ එදා මෙන්ම අදද නව ඇරබුමකට පැමින ඇති බවටයි ඔවුනගේ පැහැදිලි කිරීම වන්නේ. බුද්ධිමත් යාන්ත්‍රික බව මිනිස් දවසේ බොහෝ දෑ භාරගැනීමට සැරසෙන විට පැමිනෙන මෙම අපහසුව පිලිබදව විමතිය පල කරන්නට පවා ඔවුන් පෙලබෙනවා. “තත්වය පෙර කාලයට වඩා බොහෝ සංකීර්න බව සත්‍ය මුත් , දේශපාලනික හා ආර්ථික සාධක වඩාත් අපැහැදිලි ලෙස මිනිසුන් අපැහැදිලි කරමින් තිබෙන මුත් ඔවුනට යලිත් වඩාත් නිර්මානශීලී ජීවිතයකයක් නිර්මානය කරගන්නට අවස්තාව පැමින ඇති බවටයි යෝජන වෙමින් ඇත්තේ.
– Pubudu Siriwansa

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක ආකාර ලෙසින් බලාපොරොත්තු දෙමින් සිටින බවකි. ජීවිතය වටා වූ බොහෝ කාරනාවන් සදහා එය පැහැදිලිවම සාර්ථක මැදිහත් කරුවෙකු වෙමින් සිටිනවා සේම හෙට දිනයේ මිනිස් සිරුර මෙන්ම මිනිස් මනස විනිවිද යන්නට ඇගිලි ගනිමින් සිටින බවකි ඔවුන්ගේ යෝජනාව වන්නේ. තවමත් සමහර දෑ සිනමා වැනි නිර්මාණකරුවන්ගේ සීමාවේ වන මුත් පෙරදී මෙන්ම වෙනත් තාක්ෂණයන් වලදී මෙන් ඒවා දස වසර සංක්‍යාවලින් පැමිනීමේ දින මැනීම මෙම විෂයේදී වලංගු නොවන බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. විටක අයෙක් නිඳි යහනට ගොඩවන විටක වන සිහිනයක් සැබෑ භෞතිකයක්ව පවතින ලොවකට අවදිවීමේ හැකියාව තවදුරටත් සිහිනයක් නොවන බවට ඔවුන් පැහැදිලිවම කියා සිටිනවා.
– Pubudu Siriwansa

“ඔබ පරිගණකයකි”

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්‍රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක අද වන විට නින්දෙන් අවධිවන මොහොතේ සිට නිදි යහනට පිවිසුම දක්වාම නිරන්තර අවධානයක් ලබ ගන්නා නෙක ආකාර ගත් පරිගණක හැකියාවාවන් ගෙන් සමන්විතව පැමින ඇත. තොරතුරු ගබඩා කරගෙන සිටින්නා නැතිනම් තොරතුරු සකසා දෙන්න්නාගේ චරිතය එහි ප්‍රධාන භූමිකාව ව තිබූ කාලයේ සිට ඔබටත් පෙර ඔබේ අවශ්‍යතාවය හඳුනාගන්නාගේ සිට ජීවිතය අවට සියලු කාරනාවලදී සහය වන්නාගේ භූමිකාව දක්වා වූ වර්ධනය එලබෙන දශක කිහිපයකදී ඔබගේ සිරුරේ කොටස් බවට පත්වීම අනිවාර්ය වෙමින් තිබේ.
තාක්ෂනික යුගය වර්ණවත් වන්නේ මනසද තාක්ෂනික වෙමින් පැමිනෙන්නට ඇඟිලි ගනිමින් සිටින නිසාවෙනි. එය අධිතක්සේරු ගත වන්නේ “ඔබේ” “ඔබ” බව පිටපත් කරන්නට හා නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් පමනක් නොව එලබෙන දිනකදී “ඔබටත්” වඩා වන “ඔබව” නිර්මාණය කරන්නට දැනටමත් සුදානම් වන නියාවෙනි. “එය ඔබ සිතනා තරම් ආගන්තුක කාරනාවක් නොවනු ඇත්තේ ආගමික බව නැතිනම් දේශපාලනික බව තාක්ෂනික වීමට වඩා යමක් එහි නොවන බැවිනි”
– Pubudu Siriwansa

දත්ත ලෝකය…

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක අවසන් නොකරනු ඇති බවය. තවත් සාධකයක් වන්නේ මේ සුවිසල් අවකාශයේ සාමය බිඳින්නන්ගෙන්ද අඩුවක් නොවීමය. විවිධ අරමුනු වෙනුවෙන් එහි සාමය බිඳින්නට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ගෙනවිත් ඇති නව අවකාශ ආකෘතිය සාම්ප්‍රදායික වෙනත් ආකෘති සමගද නිරන්තරයෙන් ගැටමින් ඇත. දේශපාලනික යාන්ත්‍රන එයින් මුල් තැනක් ගනී. දත්ත අවකාශය ගෙනවිත් ඇති නිදහස් ආකෘතිය හුදකලාවක් නොවේ. දේශපාලනික ආකෘතිය නොරුස්සන බොහෝ නිදහස එයට කරදරයක් වන අවස්ථා ඔවුන් සමනය කර ගන්නේ එය පාලනය කිරීමෙනි……
…..ජාති ආගම් බොහෝ වටිනා පෘතුවිය මතට අපූර්ව විසිතුරු බවක් ‍රැගෙන එන කාරනා බව සත්‍යයකි.එහෙත් මේ කාරනා ඉක්මවා සිටින මිනිස් සංකෘතිය තවදුරටත් අවිඥානිකව නොතිබිය හැකි තරමේ ක්ශනික විවර කිරීමක් තොරතුරු ලෝකය මිනිස් භාවිතවට ගෙනවිත් අහවරය. දුර හා කාලය මිනිස් වර්ගයාගේ පාලන සාධකයක් වීම සැහෙන දුරකට එය අවසන් කොට ඇත. තම රට හෝ ජාතිය තවකෙකුට එරෙහි කිරීම අවාසනාවන්ත කුඩා මනෝ භාවයක් බවට සාමන්‍ය දැනුම ඇත්තෙකුට පවා තව දුරටත් විහිලුවක් නොවී තිබිය නොහැකි තරම්ය. දකුනත , වම් අත නැතිනම් දකුනුපය, වම්පය ලෙසට බෙදා ගන්නවාට වඩා සමස්ථ මිනිස් වර්ගයා හමුවේ ඇති අභියෝග බොහොමයකි. අහස් කුස , පොලව අභ්‍යන්තරය පමනක් නොව සුලි කුනා‍ටුවක් , භූචලනයක් වැනි දහසකුත් ස්වභාදහමේ අබියෝග ඉදිරියේ ඔවුන් තාම අගු‍ටු මිට්ටන් ලෙසට අසරනව කදුලු සලන්නට වන තරමේ ජීවින් කොටසකි……
– Pubudu Siriwansa

ප්‍රබෝධය

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. “ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි…. මම බීටාව.
( Tharu Minisa )
– Pubudu Siriwansa

” එය ඔබගේම කොටසකි”

තව දුරටත් එය ඔබගෙන් ඔබ්බට වන භෞතික උපාංග මත ක්‍රියාත්මක වන ජීවිත සහකරුවෙකු නොවීම ඇරබී ඇත. ” එය ඔබගේම කොටසකි” ලෙසට නිර්වචනය වීම ඇරබෙන්නේ එබැවිනි. මුල් අර්ථ සැලකීමේදී මතක තබා ගැනීමේ සහ ගනිතමය හා තාර්කික හැකියාව යාන්ත්‍රික වීමෙන් පමනක් නතරවන සහයකයාගේ භූමිකාව ඉක්මවමින් භෞතික මොලයේ කොටසක් වීමේ සිට පෘතුවිය පමනක් නොව සමහර විටක එලබෙන අනාගතයේදී විශ්වය පුරා විසිරුනු දැනුම් පද්ධතියක හුඳු ආංශුවක් පමක් වීමේ පරිවර්ථනයට අප පිවිසෙමින් ඇත.
අන්තර්ජාලය අපට තොරතුරු හුවමාරුව සදහා වන සීමාන්තික අවකාශයක් විවෘත කර දුන්නා පමනක් නොව සංස්කෘතික, දේශපාලනික අර්ථවලට ඔබ්බෙන් වන පොදු ආකෘතිකයක් නිර්මාණය කර දී ඇත. අප නෙක දේශගුනික රටා ඔස්සේ බෙදෙන්නට පෙර වූ ඒක මිතික බවක අර්ථද අවිඥානිකව පැහැදිලි කර දී ඇත. “ක්ලවුඩ් ” අවකාශය නැවත නැවතත් ඒ බව තහවුරු කර සිටී. එල බෙන්නේ වඩාත් සංකීර්න යුගයක් වන්නේ එබැවිනි. Pubudu Siriwansa