About Me

Home >> About Me

Overview

 

     වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් “එය එය විසින්ම ” පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.

මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි සැක සහිතය.         

                                                                      –  PUBUDU SIRIWANSA

 

353681-admin

Why he?

පෘතුවි මිනිස් වර්ගයා මේ පසුකරමින් සිටින්නේ තොරතුරු යුගය යයි හදාරන්නන් පහදා දී ඇත. එක් අර්ථයකදී සියල්ල තොරතුරු බවට පමන්ක් පවා ඌනනය කරන්න හැකි බවට පැමිනෙන අර්ථයද සැලකීමේදී මේ යුගය පෘතුවිය මත බුද්ධිමත් ජීව වර්ගයා සටහන් කරමින් සිටින්නේ ඔනැම බුද්ධිමත් සංස්කෘතියක දි හමුවන වඩාත් තීරනාත්මකම හැරවුමක් ලෙසට සැලකිය හැක. ජීවිතය අවට වන අතිමහත් සියලු අර්ථ ද්විතීක බවට හැරවෙමින් මිනිස් වේගය හා සැසදීමේදී “විදුලි සැනින්” නැවත නැවත වඩාත් අර්ථවත් ඉතොරතුරු බවට පත්කර දෙමින් මෙන්ම මිනිස් හැකියාවන් සමග සැසදීමේදී “විදුලි සැනින්” දුර සාධකය සැහෙන දුරකට පරාජය කර දෙන්න මෙම තක්ශනයට හැකිව ඇත. හුදු ඉලක්කම් අකුරු සංකේත කිහිපයකින් ඇරබි එම ගමන අද වඩ වඩාත් තාත්වික ත්‍රිමානී ස්වරූපයක් දක්වා වර්ධනය වෙමින් නුදුරේදීම ද්විමානී තිරයෙන් ගැලවී ආලින්දය නැතිනම් කාර්යාල මෙසය මතට පැමිනෙන්නට සූදානම් බවට ඉගි පලකරමින් සිටින අතරම තවත් දෙසකින් ජීවිතයට පැමිනි තවත් හුදු උපංගයක සිට ජීවිතයේ සමීප තම සහයකයා ලෙසට වඩාත් බුද්ධිමත් මෙන්ම දක්ශ තොරතුරු ‍රැස්කරන්නෙකු පමනක් නොව ඒවා වඩාත් සජීවීව ඉහල මට්ටමකින් නැවත නැවත සැක සෙමින් සහය වන්නට සුදානම් වෙමින් සිටී. මෙවන් අසිරිමත් විෂයක ගැන වන සටහන් පෙලකට පැමිනෙන්නට ලැබීම ජීවිතයේ ලද අපූරුතම අත්දැකීමක් බවට විස්වාස කරන්නේ එබැවිනි.

 

Pubudu Siriwansa

 

 

The-Thinker-Auguste-Rodin-Grayscale

My Projects

Ayubowan.Life

8 July,2017

PubuduSiriwansa.com

8 Aug, 2017

RaftingLK.com

10 Aug, 2017

Kitulgala.Net

20 Aug, 2017

Lkweb.Design

15 Sep, 2017

DesignerLK.com

11 July, 2018

8

Certified Professionals

138

Websites

6

Awards Won

50

Placement / Year

My Success Stories

About Avissawella.

Avissawella.Com

IT News in Sinhala

DigiLK.com

Its About Our Story

Tharu.Co